Loading...

එක්සත් ජනපදයෙන් වසරකට බොරතෙල් මෙට්‍රික් ටොන් මිලියන 2ක් මිලදී ගැනීමට යයි

මෙරට දී සිදු කරන ලද අමෙරිකානු ඩබ්ලිව්.ටී.අයි. (West Texas Intermediatee -WTI) බොර තෙල් සාම්පල පරික්ෂාව සමත් වී ඇති හෙයින් වසරකට බොර තෙල් මෙට්‍රික් ටොන් මිලියන 2ක් අමෙරිකාවෙන් මිලදී ගැනීම සඳහා ලබන මසදී විවෘත ටෙන්ඩරයක් කැඳවීමට තීරණය කර තිබෙනවා.

ඒ අමෙරිකානු තීරු බදු පිළිබඳව දෙරටේ නියෝජිතයින් අතර පැවැත්වූ සාකච්ඡාවලදී අමෙරිකාවෙන් මිලදී ගැනීමට ඇති කරගත් එකඟතාවය මතයි.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ.ඒ.එස්. ද එස්. රාජකරුණා මහතා ඉරිදා ලංකාදීපයට පැවසුවේ වසරකට ඩොලර් මිලියන 800 – 900 අතර වටිනා බොර තෙල් මිලදී ගැනීමට අපේක්ෂා කරන බවයි.

ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිලට වඩා WTI බොරතෙල් මිල ගණන් අඩු වුවද අමෙරිකාවේ සිට මෙරටට තෙල් ගෙන ඒම සඳහා වැය වන නැව් ගාස්තු ඉහළ අගයක් ගන්නා හෙයින් එම වියදම් දරා ගත හැකි සහ තරඟකාරී මිල ගණන් ඉදිරිපත් කරන සමගාමකින් බොරතෙල් මිලදී ගත හැකි බවද සභාපතිවරයා ඉරිදා පුවත්පතට වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *