Loading...

IPL ක්‍රීඩක වෙන්දේසියේ ඉහළම ඉල්ලීම් අතරට ලංකවෙන් ක්‍රීඩකයින් තුන්දෙනෙක්

2026 IPL ක්‍රීඩක වෙන්දේසියට ඉන්දීය රුපියල් කෝටි 2ක උපරිම මුලික මිලට ඇතුළත් වන ක්‍රීඩකයින් 46 දෙනා අතරට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙක් ඇතුළත්ව තිබෙනවා.

මෙලෙස ඉහළ වටිනාකමට ගොස් ඇත්තේ මහීෂ් තීක්ෂණ, මතීෂ පතිරණ සහ වනිඳු හසරංගයි.

නොවැම්බර් 30 වනදා ලියාපදිංචි කිරීමේ අවසන් දිනට පසුව ලියාපදිංචි වූ ක්‍රිකට් ක්‍රීඩකයින් 1355 දෙනෙකුගෙන් යුත් දීර්ඝ ලැයිස්තුව ඊයේ (01) ෆ්‍රැන්චයිස් කණ්ඩායම් වෙත ලබාදී තිබෙනවා.

තවද ඕස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක කැමරන් ග්‍රීන් මෙවර වෙන්දේසියේ ප්‍රමුඛ ක්‍රීඩකයින් අතරට එක්වීමට නියමිතයි.

මේ අතර Kolkata Knight Riders ඉන්දීය රුපියල් කෝටි 64.3ක් ද, Chennai Super Kings රුපියල් කෝටි 43.4ක් ලෙස විශාලම වෙන්දේසි කණ්ඩායම් වන වනවා.

මේ අනුව වෙන්දේසිය දෙසැම්බර් 16 වනදා අබුඩාබි හිදී පැවැත්වීමට නියමිතයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *