නාවලපිටිය මාපාකන්ද ප්රදේශයේ සිට නාවලපිටිය දක්වා ධාවනය වෙමින් පැවති ත්රිරෝද රථයක් මතට ප්රධාන මාර්ගය අසළ තිබූ විශාල ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.
පොලීසිය පවසන්නේ අද (04) උදෑසන මෙම අනතුර සිදුව ඇති බවත් පාසල් සිසුවෙකු, ඔහුගේ මව සහ තවත් කාන්තාවක් මෙම අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
කෙසේ වෙතත් අනතුරින් ත්රිරෝද රථ රියදුරා දිවි බේරා ගැනීමට සමත්ව තිබෙනවා.
අද (04) උදෑසන 6.45ට පමණ මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.
පසුව නාවලපිටිය පොලිස් නිලධාරීන් සහ ප්රදේශවාසීන් එක්ව ගස කඩා වැටීමෙන් ඊට යටවී මියගොස් සිටි තිදෙනාගේ සිරුර ඉවතට ගෙන නාවලපිටිය දිස්ත්රික් මහ රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා.
අනතුර සම්බන්ධයෙන් නාවලපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.







Leave a Reply