ජපානයේ ටෝකියෝ නුවර පිහිටි තමා සත්වෝද්‍යානයේ ගැහැණු සිංහයින් තිදෙනෙකු අධික උණුසුම් කාලගුණික තත්ත්වය හේතුවෙන් මියගොස් තිබෙනවා.
මියගිය සිංහයින් වයස අවුරුදු 3ත් 15ත් අතර වන අතර, සිරුරේ ජලය දැඩි ලෙස අඩුවීම සහ අභ්‍යන්තර අවයව අක්‍රිය වීම ඔවුන්ගේ මරණයට හේතු වී ඇති බව සත්වෝද්‍යාන බලධාරීන් සඳහන් කළා.
මේ අතර, සත්වෝද්‍යානයේ සිටින තවත් සිංහයින් 10 දෙනෙකු පමණ ආහාර රුචිය අඩුවීම සහ අලස බව වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇති අතර, ඔවුන් අතරින් සිංහයින් තිදෙනෙකු තවදුරටත් බරපතළ තත්ත්වයෙන් ප්‍රතිකාර ලබන බවද වාර්තා වනවා.
1964 වසරේ සිට තමා සත්වෝද්‍යානයේ සිංහයින් ප්‍රදර්ශනය කළද, අධික උණුසුම හේතුවෙන් සිංහයකු මියගිය පළමු අවස්ථාව මෙය ලෙස සැලකෙනවා.
ඒ හේතුවෙන්, පවතින දැඩි උණුසුම් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින් ජූලි 23 වැනිදා සිට සිංහ ප්‍රදර්ශනය තාවකාලිකව නතර කිරීමට සත්වෝද්‍යාන පාලනාධිකාරිය තීරණය කර තිබෙනවා.







Leave a Reply