Loading...

ඔස්මන් හාදිගේ අවසන් කටයුතුවලට දහස් ගණනින් පිරිස් ඩකා නුවරට

නාදුනන තුවක්කුකරුවන් පිරිසකගේ වෙඩි ප්‍රහාරයට ලක්ව මියගිය බංග්ලාදේශයේ තරුණ දේශපාලන ක්‍රියාකාරීකයෙකු සහ එළැඹෙන මහ මැතිවරණයේ අපේක්ෂකයෙකු වූ ෂාරිෆ් ඔස්මාන් හාදිගේ අවසන් කටයුතු ඩකා අගනුවරදී අද (20) සිදු කෙරුණා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඩකා විශ්ව විද්‍යාලයේ මුස්ලිම් දේවස්ථාන පරිශ්‍රයේ ඔහුගේ දේහය ආදාහනය කිරීමේ අවස්ථාවට දහස් ගණනක් පිරිසක් සහභාගී වී සිටි බවයි.

එරට අන්තර්වාර නායක මොහොමඩ් යූනුස් ද එම අවස්ථාවට එක්වුණා.

2024 පැවැති ෂෙයික් හසීනාගේ රජයට එරෙහි විරෝධතාවල කැපී පෙනෙන චරිතයක් වූ හාදිගේ මරණය සැලවීමත් සමඟ පසුගිය බ්‍රහස්පතින්දා ඩකා ඇතුළු නගර රැසක නැවත වරක් ප්‍රචණ්ඩ ක්‍රියා හට ගැනුණා.

සිංගප්පූරු රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මෙලෙස මියගොස් තිබුණා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *