Loading...

ඉදිරි මාස 6ට ජල ගාස්තු සංශෝධනයක් නැහැ – අමාත්‍ය සුසිල් රණසිංහ

2026 වසරේ ඉදිරි මාස 6 සඳහා ජල ගාස්තුවල සංශෝධනයක් සිදු නොකිරීමට රජය තීරණය කර තිබෙනවා.

නිවාස, ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පවසන්නේ වසරේ මුල් මාස 6 සඳහා ජල පිරිපහදුව කටයුතු වෙනුවෙන් මණ්ඩලයට විශාල පිරිවැයක් දැරීමට සිදුනොවූ බවයි.

මේ අනුව ජල ගාස්තු වැඩි කිරීමේ අවශ්‍යතාවක් පැන නොනගින බවද ඔහු සඳහන් කරනවා.

වාර්ෂික මාස 6කට වරක් ජල ගාස්තු සංශෝධනය සිදුකරනු ලබනවා.

කෙසේ වෙතත් මේ වසරේ මුල් මාස 6ට සඳහා ද ජල ගාස්තු සංශෝධනයක් සිදු නොකිරීමට රජය තීරණය කර තිබුණා.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“අපිට අදහසක් තියෙනවා මේ මාස 6 පිරිවැය කොතරම් වැඩි වුණාද කියන එක ගැන. ප්‍රධාන වශයෙන් තියෙන්නේ 18%ක විදුලිබිල වැඩිවීම විතරයි. ඉන්ධන මිල වැඩිවීම ඇත්තටම ජල පිරිපහදු කටයුතු සඳහා බලපාන්නේ නෑ. විදුලිය වැඩිවීම තමා බලපාන්නේ. නමුත් විදුලිය වැඩිවීම ජල ගාස්තුවේ 12%ක ප්‍රමාණයක් තමා විදුලිබිල තියෙන්නේ. ඒ නිසා 21% ප්‍රමාණය තමා 18%කින් වැඩිවුණේ. ඒක රු 2.50ක් වගේ ප්‍රමාණයක් ජල ඒකකයකට. ඒ නිසා මේ මාස 6 පිරිවැය ඉතා සුළු වශයෙන් බලපාලා තියෙන්නේ. ඒ නිසා බොහෝ වෙලාවට ඉදිරි මාස 6ටත් ජල ගාස්තුව සංශෝධනය නොවන්න තමා ඉඩ තියෙන්නේ.”


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *