හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගොඩනගන ලද ආණ්ඩුව ඇද වැට්ටවීම සඳහා රට තුළ බරපතළ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
“සටන අරඹමු රජරටින්” යන ජනරැලි මාලාවට ඊයේ (26) තලාව නගරයේ දී එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.
එහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,
“ආණ්ඩුව ඇතුළෙන් එදා කුමන්ත්‍රණය ගොඩනැගුණා. ජාත්‍යන්තර බලවේග, ත්‍රස්තවාදී සංවිධාන එදා ආණ්ඩුව පෙරළන්න කටයුතු කළා. එහි ප්‍රතිඵලයක් විදියටයි යහපාලන ආණ්ඩුව ගොඩනැගුණේ. හැබැයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා භාර ගත්තේ මහින්ද මහත්තයා භාරදීපූ ආණ්ඩුව නෙමෙයි. වැටිච්ච් ආණ්ඩුවක්.”
හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් තලාව නගරයේ දී පැවැත්වුණු අතර ඊට එම පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා.
කෙසේ වෙතත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමුළුව අමතා කතාවක් නොකිරීම ද මෙහි විශේෂත්වයකි.
Leave a Reply