ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණය පවත්වන මෙන් කළ ඉල්ලීමට ජනාධිපතිවරයා නිශ්චිත ප්‍රතිචාරයක් නොදැක්වූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහත්වරුන් අතර පසුගිය 15 වනදා පැවැති සාකච්ඡාවකදී මෙම ඉල්ලීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
පොදුජන පෙරමුණ පවසන්නේ රටේ සංවර්ධන ක්‍රියාදාමය සම්බන්ධව සිය පක්ෂයේ ස්ථාවරයද ජනාධිපතිවරයාට එහිදී දැනුම් දී ඇති බවයි.
මේ වන විට බැසිල් රාජපක්ෂ මහතා සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡා වට හතක් පවත්වා තිබෙනවා.
Leave a Reply