Loading...

ජුනි මසට ලිට්‍රෝ මිලේ වෙනසක් නෑ

ජුනි මාසයට අදාළව ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකිරීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබෙනවා.

එම සමාගම පවසන්නේ ජාත්‍යන්තර වෙළෙඳපොල ගෑස් මිල සහ විනිමය අනුපාතවල පවතින අභියෝගාත්මක තත්ත්වයන් හමුවේ වුවත් පාරිභෝගික ජනතාව වෙත සහන සැලසීමේ අරමුණින් මෙම අවස්ථාවේ මිල සංශෝධනයක් සිදු කිරීමටයි.

මේ අනුව පසුගිය මසට අදාළව දැනට පවතින මිල ගණන් ජුනි මාසය සඳහා ද වලංගු වනවා.

අදාළ මිල ගණන් පහතින්,

කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු. 4,765යි.

කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රු. 1,910යි.

කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රු. 890යි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *