Loading...

ත්‍රිකුණාමලේ සිද්ධිය පිටුපස දේශපාලන හස්තයක් ඉන්නවා – බලංගොඩ කස්සප හිමි

ත්‍රිකුණාමලය ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරස්ථානයට අනීතිකව ඇතුළු වී විහාරාධිපති ස්වාමීන් වහන්සේ ඇතුළු භික්ෂූන් වහන්සේලාට පහර දී බුද්ධ ප්‍රතිමා වහන්සේ පැහැරගෙන යාම සම්බන්ධව පැමිණිල්ලක් පොලිස්පතිවරයාට සිදුකළ බව පුජ්‍ය බලංගොඩ කස්සප හිමියන් පවසනවා.

පසුගිය 24 වනදා උන්සවන්සේ විසින් පොලිස් මුලස්ථානයට මෙම පැමිණිල්ල සිදුකර තිබුණා.

එහිදී අදහස් දක්වමින් උන්වහන්සේ පැවසුවේ මේ සම්බන්ධව පොලිස්පතිවරයා විසින් සාධාරණ පරීක්ෂණයක් සිදුකරනු ඇති බවයි.

මෙම සිදුවීම පිටුපස දේශපාලන හස්තයක බලපෑමක් ඇති බවටද උන්වහන්සේ සැකපළ කරනවා.

ඇතැම් පිරිස් භික්ෂූන් වහන්සේලා විසින් ජාතිවාදය අවුස්සන බවට චෝදනාවක් ඇති බවත් භික්ෂූන් වහන්සේලාට අගතියක් වන විට ඒ සඳහා පෙනී සිටින බවත් කස්සප හිමියන් මෙහිදී කියා සිටියා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කස්සප හිමියන්, “එම විහාරයේ මේ වන විට බෝධිය රෝපණය කර තිබෙන්නේ 1953 වර්ෂයේදි උපාලි ස්වාමින්වහන්සේ මෙරටට උපසම්පදාව රැගෙන පැමිණි ස්ථානය. මෙම භුමිය 2014 වසරේ එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් පූජා භූමියක් ලෙස පුජා කළා.

ඒ වගේම විහාරස්ථානයකට ඇතුලු වි භික්ෂුන් වහන්සේලාට පහර දි බුදු පිලිමයක් පැහැරගෙන යාම පොලිසිය විසින් නොකල යුතු සිදුවිමක්.”


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *