තිදෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකාවේ නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීලා තියෙනවා.
ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක, අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය සහ විජිත හේරත් යටතේ අමාත්‍යාංශ 15 ක් බෙදී ගිහින් තියෙනවා.
මෙම කැබිනට් මණ්ඩලය “ලෝකයේ කුඩාම කැබිනට් මණ්ඩලය” ලෙස වාර්තා පොත් ඇතුළට යා හැකි බවටයි තතු දන්නෝ කියන්නේ.
නව කැබිනට් මණ්ඩල වගකීම්:
# ජනාධිපති අනුර කුමාර දිසානායක
———————————————–
01. ආරක්ෂක
02. මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක
03. බලශක්ති
04. කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරි මාර්ග, ධීවර හා ජලජ සම්පත්
# අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය
———————————————–
05. අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු
06. අධ්‍යාපන, විද්‍යා සහ තාක්ෂණ
07. කාන්තා, ළමා හා කරුණ කටයුතු සහ ක්‍රීඩා
08. වෙළෙඳ වාණිජ, ආහාර සුරක්ෂිතතා, සමුපකාර සංවර්ධන, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන
09. සෞඛ්‍ය
# විජිත හේරත්
——————–
10. බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය
11. ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා
12. මහජන ආරක්ෂක
13. විදේශ කටයුතු
14. පරිසර, වනජීවී, වන සම්පත්, ජල සම්පාදන, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම්
15. ග්‍රාමීය හා නාගරික සංවර්ධන, නිවාස හා ඉදිකිරීම්




Leave a Reply