ඉරානය සමඟ වෙළෙඳ ගණුදෙනු සිදුකරන රටවල්වලට එරෙහිව සම්බාධක පැනවීමේ අවදානමක් ඇති බව අමෙරිකාව අද (24) අනතුරු අඟවනු ලැබුවා.
අමෙරිකාව මෙම අනතුරු ඇඟවීම සිදු කළේ ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි පාකිස්තානයේ දින 3ක සංචාරය අද (24) නිමකර ශ්‍රී ලංකාව බලා පිටත් වීමෙන් පසුවයි.
ඉරානාජ ජනාධිපතිවරයාගේ පාකිස්ථාන සංචාරය අතරතුරදී අවබෝධතා ගිවිසුම් 8ක් අත්සන් කර ඇති බව වාර්තා වනවා.
තවද දෙරට අතර වෙළෙඳාම ඩොලර් බිලියන 10ක් දක්වා වැඩි කිරීමටද යෝජනා කර තිබෙනවා.
Leave a Reply