දූෂණ චෝදනා එල්ල වී සිටි හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩු 4ක තීන්දුව ප්‍රකාශයට පත් කිරීම ජුනි මස 9 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියම කර තිබෙනවා.
කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා අදාළ නඩුව අද (26) ඉදිරියේ කැඳවූ අවස්ථාවේ දී මෙම තීන්දුව ලබාදී ඇති බව සඳහන්.
අල්ලස් කොමිසම විසින් සරණ ගුණවර්ධන මහතාට එරෙහිව ගොනුකර තිබූ නඩු 4ක තීන්දුව අද (26) දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණා.
කෙසේ වෙතත් එම නඩු අද (26) කැඳවූ අවස්ථාවේදී විනිසුරුවරයා කියා සිටියේ එම නඩුවල තීන්දු සුදානම් කර නොමැති බවයි.
මේ අනුව තීන්දුව ප්‍රකාශයට පත් කිරීම ජුනි මස 9 වනදා සිදුකරන බවද විනිසුරුවරයා නියෝග කළා.
2006 වසරේ ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් එම ආයතනයට කුලී පදනම යටතේ වාහන ලබා ගැනීම තුළින් රජයට පාඩු සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබෙනවා.







Leave a Reply