නඩු විභාගය අවසන් වන තුරු හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා සහ තවත් සැකකරුවන් සිව් දෙනෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තබන ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය අද (14) නියෝග කර තිබෙනවා.
ඒ සැකකරුවන්ගේ ඇප ඉල්ලීම් අධිකරණය හමුවේ සලකා බැලූ අවස්ථාවේදීයි.
මෙහිදී ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කරමින් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබාදී ඇති බවයි.
ව්‍යාජ ලේඛන සකස් කරමින් ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මෙරටට ආනයනය කර රජයේ රෝහල්වලට බෙදාහැරීම මගින් රුපියල් කෝටි ගණනක වංචාවක් සිදු කිරීම හා රෝගී ජීවිත අනාරක්ෂිත තත්ත්වයට පත් කිරීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් අවසන් වරට අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණේ මාර්තු 1 වනදායි.
Leave a Reply