Loading...

ඉංග්‍රීසි ප්‍රශ්ණ පත්‍රය Whatsapp කළ ගුරුවරයා අත්අඩංගුවට

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි ප්‍රශ්ණ පත්‍රය Whatsapp සමුහ වෙත මුදා හැරීමේ සිද්ධියට සැකපිට උපකාරක පංති ගුරුවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකය විසින් අද (12) මෙම සැකකරු මහනුවර ප්‍රදේශයේ දී අත්අඩංගුවට සිදුකර ඇති බව සඳහන්.

මුලික විමර්ශනවලදී හෙළිව ඇත්තේ අදාළ වට්ස්ඇප් සමුහයේ සාමාජිකයින් 1025 දෙනෙක් සිටින බවයි.

සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි ප්‍රශ්ණ පත්‍රය පසුගිය 09 ව්නාද පැවැත්වුණු අතර කාලසටහනට අනුව ප්‍රශ්ණ පත්‍රය උදෑසන 8.30ට පමණ සිසුන් වෙත ලබාදී තිබුණා.

කෙසේ වෙතත් මෙම සැකකාර ගුරුවරයා විසින් එම ඉංග්‍රීසි ප්‍රශ්ණ පත්‍රය උදෑසන 9.11ට පමණ වට්ස්ඇප් සමුහ වෙත මුදා හැර ඇති බවයි පොලීසිය පවසන්නේ.

අත්අඩංගුවට ගත් සැකකාර ගුරුවරයා අද (12) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *