Loading...

තලේබාන්වරුන් අතිශය පළමු වතාවට ICC තරඟාවලියක අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබයි

ලෝක කුසලාන විස්සයි විස්ස තරඟාවලියේ බංග්ලාදේශය සහ ඇෆ්ඝනිස්ථානය අතර පැවැති තරඟයෙන් ලකුණු 8ක තියුණු ජයක් ලබා ගැනීමට අද (25) සමත් වුණා.

කිංග්ස්ටන් හිදී පැවැත්වුණු තරඟයේ කාසියේ වාසිය දිනාගත් ඇෆ්ඝනිස්ථාන කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.

ඒ අනුව පිටියට පිවිසි ඇෆ්ඝනිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළදී කඩුලු 5ක් දැවී ලකුණු 115ක් ලබා ගැනීමට සමත් වුණා.

ඇෆ්ඝනිස්ථාන කණ්ඩායම වෙනුවෙන් Rahmanullah Gurbaz ලකුණු 43ක් ලබා ගනු ලැබුවා.

රිෂාඩ් හුසේන් බංග්ලාදේශය වෙනුවෙන් කඩුලු 3ක් දවා ගත්තා.

ලකුණු 116ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායමට ඇෆ්ඝනිස්ථාන පන්දු යවන්නන් හමුවේ එම ඉලක්කය හඹා යාම පහසු වුණේ නැහැ.

බංග්ලාදේශ ඉනිමේ පළමු කඩුලු 4 ලකුණු 48කදී බිඳ වැටුණා.

කෙසේ වෙතත් බංග්ලාදේශය වෙනුවෙන් සටන්කාමී ඉනිමක් දියත් කළ ලිටන් දාස් පන්දු 49කදී ලකුණු 54ක් ලබා ගනු ලැබුවා.

තරඟයට අවස්ථා කිහිපයකදී වර්ෂාවෙන් බාධා එල්ල වූණා.

මේ අනුව ඩක්වත් ලුවිස් න්‍යායට අනුව පන්දුවාර 19 කදී බංග්ලාදේශ කණ්ඩායමට හිමි වූ ඉලක්කය ලකුණු 114කි.

නමුත් තරඟයේ අවසන් පන්දුවාරය ක්‍රියාත්මක කිරීමට ඇෆ්ඝනිස්ථාන කණ්ඩායමේ නවීන් උල් හක් අවස්ථාව හිමි වූ අතර එහිදී පිට පිට කඩුලු දෙකක් දවා ගනිමින් තම කණ්ඩායම අවසන් පුර්ව වටයට ගෙන යාමට සමත් වුණා.

ඒ අනුව ඇෆ්ඝනිස්ථාන කණ්ඩායම සිය ක්‍රිකට් වංශ කතාවේ පළමු වරට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල තරඟාවලියක අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබා ගනු ලැබුවා.

තරඟාවලියේ අවසන් පුර්ව වටයේ තරඟ ලබන 27 වනදා ආරම්භ වීමට නියමිතයි.

ඒ අනුව පළමු අවසන් පුර්ව වටයේ පළමු තරඟය ලබන 27 වනදා ට්‍රිනිඩෑඩ් හිදී පැවැත්වෙන අතර දෙවන අවසන් පුර්ව තරඟය ගයානා හිදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *