මහත් ආන්දෝලනයකට තුඩු දුන් රාජගිරිය රෝයල් පාර්ක් මිනීමැරුම් සිද්ධිය පිළිබඳව මරණීය දණ්ඩනය නියම වී සිටි ජූඩ් ශමන්ත ජයමහ නැමැති විත්තිකරුට සමාව ප්‍රදානය කර නිදහස් කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගත් තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (06) තීන්දු කළා.
කාන්තා හා මාධ්‍ය සාමූහිකය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් විසින් මෙම පෙත්සම ගොනු කර තිබුණා.
එස්.තුරෙයිරාජා, යසන්ත කෝදාගොඩ සහ ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් මඩුල්ලක් යටතේ අදාළ පෙත්සම විභාගයට ගැනුණා.
මේ අනුව හිටපු ජනාධිපතිවරයා විසින් අදාළ විත්තිකරු නිදහස් කරමින් දුන් ජනාධිපති සමාව බලරහිත බවත් එම තීන්දුවේ සඳහන් වුණා.
තවද මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් රුපියල් ලක්ෂ 10ක වන්දියක් පෙත්සම්කරුට ගෙවිය යුතු බවද මෙහිදී නියෝග කෙරුණා.
මේ අතර අගතියට පත් තරුණියගේ පියාට සහ මවට රුපියල් මිලියන බැඟින් ගෙවන ලෙසත් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට තවත් නියෝගයක් නිකුත් කළා.
අදාළ ක්‍රියාව තුලින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට චේතනාවිතව උල්ලංඝනය කර ඇති තීන්දුව කළ ශ්‍රේෂ්ඨාධිකරණය මේ වන විට විදේශගතව සිටින අදාළ විත්තිකරු දේශීය හා ජාත්‍යන්තර සම්මුතීන් උපයෝගී කරගෙන මෙරටට ගෙන්වීමට අවශ්‍ය නීතිමය පියවර ගන්නා ලෙස නීතිපතිවරයා නියම කර තිබෙනවා.
ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු මඩුල්ල අදාළ නියෝගය වැඩිදුරටත් ප්‍රකාශ කරමින් කියා සිටියේ මෙම විත්තිකරුට ප්‍රදානය කරන ලද ජනාධිපති සමාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවයි.
Leave a Reply