Loading...

හිස තෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය ජනපතිගේ ප්‍රධානත්වයෙන්

සිංහල අවුරුදු නැකැත් සීට්ටුවේ සඳහන් පරිදි හිස තෙල් ගෑමේ නැකත අද (15) පෙරවරු 6.55ට උදා වුණා.

කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා හිසට කොහොඹ පත් ද පයට කොලොන් පත් ද තබා කොහොඹ පත් යුෂ මිශ්‍ර නානු හා තෙල් ගා ස්නානය කිරීම යහපත් බවයි නැකැත් සීට්ටුවේ සඳහන් වනවා.

මේ අතර අද (15) උදෑසන මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ ශ්‍රී මහා නාථ දේවාල භූමියේදී ‍ආරම්භ වූ හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවයට එක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට නැකතට අනුව මහා සංඝරත්නය විසින් හිසතෙල් ගා ආශිර්වාද ලබා ගනු ලැබුවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *