ආසියානු කුසලාන කාන්තා විස්සයි විස්ස ක්රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය සුදුසුකම් ලබා ගැනීමට ශ්රී ලංකා කාන්තා කණ්ඩායම ඊයේ (26) සමත් වුණා.
රන්ගිරි දඹුලු ක්රීඩාංගණයේ පැවැති තරඟයේ කාසියේ වාසිය දිනාගත් ශ්රී ලංකා කාන්තා කණ්ඩායම පළමුව තීරණය කළේ පන්දුවට පහරදීමේ අවස්ථාව පාකිස්ථානයට ලබාදීමටයි.
ඒ අනුව පිටියට පිවිසි පාකිස්ථාන කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 140ක් රැස් කිරීමට සමත් වුණා.
ලකුණු 141ක ඉලක්කයක් හඹා ගිය ශ්රී ලංකා ක්රීඩිකාවන් ඕවර් 19යි පන්දු 5කදී කඩුලු 7ක් දැවී ජයග්රාහී කඩඉම පසුකර ගියා.
ශ්රී ලංකා ඉනිම වෙනුවෙන් චමරි අතපත්තු පන්දු 48කදී ලකුණු 63ක් ලබා ගැනීමට සමත් වුණා.
කණ්ඩායම ජයග්රහණය කරා ගෙන ගිය අනුෂ්කා සංජීවනී නොදැවී ලකුණු 24ක් ලබා ගත්තා.
මේ අනුව ශ්රී ලංකා කාන්තා කණ්ඩායම ඉන්දීය කාන්තා කණ්ඩායම අතර අවසන් තරඟය පැවැත්වීමට නියමිතයි.
ආසියානු කුසලාන කාන්තා විස්සයි විස්ස ක්රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය හෙට (28) පැවැත්වීමට නියමිතව තිබෙනවා.








Leave a Reply