Loading...

හරිත පැහැයෙන්  උණුසුම් වන දක්ෂිනද්‍රව සාගරය

දක්ෂිණ සාගරය, මහා දක්ෂිණ සාගරය, දක්ෂිනද්‍රව සාගරය යන අන්වර්ථ නාමයන්ගෙන් අපි හදුන්වන්නේ ඇන්ටාක්ටික් සාගරයයි. මෙම සාගරය ලොව ඇති සාගර පහ අතරින් විශාලත්වයෙන් හතර වැනි ස්ථානය හිමිකරගෙන සිටී. අමුන්ඩ්සෙන් මුහුද, බෙහින්ශුසෙන් මුහුද, රොස් මුහුද, යනාදී මුහුදු කිහිපයකින්ද මෙය සමන්විතයි. දක්ෂිණ සාගරයේ සම්පූර්ණ විශාලත්වය වර්ග කිලෝ මීටර් 20,327,000 කි. අනෙක් සාගර අතරින් මෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ එහි ඇති අති විශාල මායිමයි.  එමෙන්ම මෙහි ජලයේ ස්වාබාවයද අනෙක් සාගර වලට වඩා වෙනස්ය. භූ විද්‍යාත්මකව ගත්කල ලොව සාගර අතරින් ලාබාලතම සාගරයද මෙයයි.

නමුත් මේ දිනවල අපිට ඇන්ටාක්ටික් සාගරය ගැන ටිකක් වෙනස් තොරතුරු අහන්න ලැබෙනවා. එනම් ඇන්ටාක්ටික් කොළ පැහැයට හැරෙමින් පවතින බවයි. ඇත්තටම මොකක්ද ඇන්ටාක්ටික් සාගරය තුල මේ සිද්ද වෙන්නේ කියන එක ගැන විද්‍යාඥයින් වගේම ලෝවැසියොත් වඩාත් විමසිලිවන්ත වෙනවා. මොකද ලෝකයේ පැවතුන ජෛව සමතුලිතතාවය වෙනස් වෙනවා කියන එක මුළු ලෝකයේම පැවැත්මට තර්ජනයක් වෙන්න පුළුවන් නිසා. ඉතින් ඇත්තටම ඇන්ටාක්ටික් සාගරය තුල වෙලා තියෙන්නේ මොකක්ද?

අධික අයිස් සහිත ඇන්ටාක්ටික් සාගරය ඉතා වේගයෙන් කොළ පැහැයට හැරෙමින් ඇතිබව සොයාගෙන ඇත. පර්යේෂකයින් අනතුරු අගවන්නේ මෙහි ඇති පරිසර පද්ධති ඉතා වේගයෙන් වෙනස් වී ඇති බවයි. එමෙන්ම ශාක ආවරණය පසුගිය වසර 35 තුළ 12 ගුණයකට වඩා පුළුල් වී ඇති බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබේ. පර්යේෂකයින් කරන ලද චන්ද්‍රිකා තාක්ෂණික ක්‍රම ඊට කදිම නිදසුන්ය.

මේ නිසා ඇන්ටාක්ටික් සාගරය ක්‍රමයෙන් උණුසුම් වෙමින් පවතින බව ඔවුන් පවසයි. මෙසේ ඇන්ටාක්ටික් සාගරය උණුසුම් වීම මගින් ග්ලැසියර් බිදවැටේ. ඉන්පසු අයිස් දියවීමට පටන් ගන්නා අතර ඉන්පසු එම අයිස් සාගරයට එකතු වෙයි. එහි අවසාන ප්‍රතිපලය ලෙස මතුපිට ඇති පස් තට්ටු මත ශාක වර්ධනය වීමට පටන් ගනී.

මෙය පෘතුවිය මත ජිවත් වන මිනිසුන්ට මෙන්ම සතුන්ටද මහත් ලස හානි වියහැකි තත්වයකි. මක්නිසාද යත් ලොකයේ සමාන්තර සහ පැවැත්මට අවශ්‍ය ලෙස හැඩගැසී ඇත. අනවශ්‍ය ලෙස පරිසර පද්ධති වෙනස් වීම එම සමබරතාවය නැති කර දමයි. ඇන්ටාක්ටික් කලාපය පෘතුවිය මත ඇති සිසිල්ම කලාප දෙකෙන් එකකි. ලෝකයේ වැඩි ප්‍රමාණයක් පවතින්නේ උණුසුම් කලාපයි. මිනිසුන් ඇතුළු අනෙක් ජීවින් සිටින්නේ මෙම කලාපය තුලයි. මෙලෙස සීතල කලාප උණුසුම් වන විට ඊට සමාන්තරව පෘතුවියේ ප්‍රදේශ වලටත් උෂ්ණත්වය වැඩි වීමේ ඉඩකඩ වැඩිය. එවිට එම ප්‍රදේශ මනවයින්ට සහ සත්වයින්ට ජිවත් වීමට නොහැකි තරම් උෂ්ණාධික වීමට ඉඩ ඇත. එය ලෝකයේ ජෛව සමතුලිතතාවයට තර්ජනයක් වනවා නොඅනුමානය.

සටහන – චාතුර්යා මෙතුෂි


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *