ගොඩගේ ප්‍රකාශන ආයතනයේ අධිපති දේශබන්දු සිරිසුමන ගොඩගේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.
කොළඹ පෞද්ගලික රෝහල ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා ඊයේ (28) රාත්‍රියේ අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වනවා.
මියයන විට ඔහුගේ වයස අවුරුදු 89කි.
1956 වසරේ ගොඩගේ ප්‍රකාශන ආයතනය ආරම්භ කරමින් මෙරට සාහිත්‍ය ක්ෂේත්‍රය නගා සිටුවීම සඳහා සුවිශේෂී මෙහෙවරක නිරත වූ සිරිසුමන ගොඩගේ අඛණ්ඩව වසර 38ක් වසරේ වැඩිම ප්‍රකාශන පළ කළ ග්‍රන්ථ ප්‍රකාශන ආයතනයට හිමි රාජ්‍ය සම්මානය දිනාගනු ලැබුවා.
මෙරට නවක ලේඛකයින් වෙනුවෙන් ගොඩගේ අත්පිටපත් තරඟාවලිය මෙන්ම ගොඩගේ සාහිත්‍ය සම්මාන උළෙල ඔහු විසින් මෙරට සාහිත්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් හඳුන්වා දුන් විශිෂ්ඨ කාර්යයන් අතරට අයත් වනවා.
ඒ මහතාගේ දේහය මහජන ගෞරවය සඳහා අද (29) පස්වරු 4 සිට බොරැල්ල පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබෙන අතර අවසන් කටයුතු ලබන සෙනසුරාදා පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිතයි.







Leave a Reply