Loading...

සිරිකොතේ අලියා ලාංඡනය ඉවතට

පිටකෝට්ටේ හි පිහිටා ඇති එක්සත් ජාතික පක්ෂ මුලස්ථානය වන සිරිකොතේ මෙතෙක් කල් පැවැති එම පක්ෂ ලාංඡනය වන අලියා ලකුණ ඉවත් කර තිබෙනවා.

ඒ වෙනුවට ගෑස් සිලින්ඩරය ලාංඡනය එල්ලා ඇති බවයි වාර්තා වන්නේ.

එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙවර ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ගෑස් සිලින්ඩරය ලකුණෙන් තරඟ වැදීම මෙම ලාංඡන හුවමාරුවට හේතු වී ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් එම පක්ෂ මූලස්ථානය අලියා ලකුණ වසා වෙනත් ලකුණක් මෙලෙස ප්‍රදර්ශනය කරන පළමු අවස්ථාව මෙයයි.

Image


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *