Loading...

සියලු පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කර අවසන් – ජනපති

ලංකාවේ සියලු පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (24) පුත්තලමේ පැවැති ජන හමුවකට එක්වෙමින්.

“අපේ වගකීම තමයි පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම. අපි අදාළ ප්‍රදේශවල වේගයෙන් ආරක්ෂාව තහවුරු කරන්න කටයුතු කළා.

ඒ විතරක් නෙමෙයි බුද්ධි අංශ තොරතුරු මත වේගයෙන් කටයුතු කළා, ඒ සඳහා සැකයට තුඩු දෙන කීප දෙනෙක්ව අත්අඩංගුවට ගන්නත් අපි කටයුතු කලා.

අපි අද කියන්න කැමතියි ලංකාවේ සියලු පුරවැසියන්ගේ ආරක්ෂාව අපි සහතික කරලා තියනවා.”


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *