ශ්‍රී ලංකාව බොරතෙල් බැරලයකට ඇමරිකානු ඩොලර් 286 ක අධික මිලක් ගෙවා ඇති බවට පළවන වාර්තා සම්පූර්ණයෙන්ම සාවද්‍ය බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.
මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම සංස්ථාව පෙන්වා දෙන්නේ සපුගස්කන්ද පිරිපහදුව සඳහා පමණක් තමන් බොරතෙල් ගෙන්වනු ලබන බවයි.
මැදපෙරදිග කලාපයේ නොසන්සුන්තාවයෙන් පසුව මෙරටට ළඟා වන පළමු බොරතෙල් නෞකාව හෙට (17) දිනයේ දිවයිනට පැමිණීමට නියමිත බවත් , මේ දක්වා ගෙන්වූ හෝ ගෙන්වීමට ගිවිසුම්ගත වූ කිසිදු බොරතෙල් බැරලයක් සඳහා එවැනි අධික මිලක් ගෙවා හෝ ගෙවීමට පොරොන්දු වී නොමැති බවත් එම නිවේදනයේ සඳහන් වනවා.
එම සංස්ථාව පෙන්වා දෙන්නේ මැදපෙරදිග යුද්ධය හටගැනීමෙන් පසු පැමිණෙන නෞකා සඳහා බැරලයකට පිළිවෙලින් ඇමරිකානු ඩොලර් 71.99, 111.62, 71.81 හා 113.29 වැනි අගයන් ගෙවීමට පොරොන්දු වී ඇති අතර, එය වත්මන් වෙළඳපල මිලට සාපේක්ෂව ඉතා වාසිදායක අගයක් බවයි.
මෙවැනි අසත්‍ය ප්‍රකාශ හරහා ජනතාව නොසන්සුන් කිරීමට සහ සංස්ථාවේ කීර්ති නාමයට හානි කිරීමට උත්සාහ කරන සියලුම පාර්ශවයන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අපේක්ෂා කරන බවද ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැඩිදුරටත් දන්වා සිටිනවා.








Leave a Reply