Loading...

සාරවත් රටේ හෙනය තමයි පාලකයෝ – අනුර කුමාර දිසානායක

රට හැම අතින්ම පොහොසත් රාජ්‍යයක් බවට පත් කිරීම ජාතික ජන බලවේගයේ අරමුණ බව එම බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ඒ මහතා මේ බව සඳහන් කළේ මාලඹේ ප්‍රදේශයේ පැවති ජනරැලියකට එක්වෙමින්.

ආර්ථික වශයෙන් මෙන්ම නීතිය, රාජ්‍ය සේවය ඇතුළු සෑම අංශයකින් දියුණු රටක් බවට පත් කිරීමට සිය පක්ෂය සතුව වැඩපිළිවෙලක් පවතින බවද ඔහු මෙහිදී පැවසුවා.

“අපි ඔක්කෝටම අරමුණක් තියෙනවා. මේ රට පොහොසත් රටක් බවට පත්කරන්න ඕනේ මොනවා ගෙන්ද ? ආර්ථිකයෙන් විතරද ? නෑ අපි ආර්ථිකයෙන් දුප්පත්, නීතිය ක්‍රියාත්මක කිරීමේදී එකෙන් අපි දුප්පත්, රාජ්‍ය සේවයෙන්.. එකෙනුත් අපි දුප්පත්, මිනිස්සු අතර බැඳීම්වලින්. ඒවාගෙනුත් අපි දුප්පත්. ඒ කියන්නේ මේ රට විශාල දුප්පත්කම්වල ගොදුරක් බවට පත්වෙලා තිබෙනවා.

ලෝකයේ ඉදිරියේ අපි පිළිගන්නේ නැති රාජ්‍යයක්. ලෝකයේ රටවල් ඉදිරියේ අපි බාල්දුභාවයට පත්වුණ රාජ්‍යයක්. අපි දුප්පත් රාජ්‍යයක්. හැම පැත්තෙන්ම දුප්පත් රාජ්‍යයක්. අපි එකට එකතුවෙලා ආණ්ඩුවක් හදමු හැම පැත්තෙන්ම පොහොසත් රාජ්‍යයක් බවට ශ්‍රී ලංකාව පරිවර්ථනය කරමු. ආර්ථික වශයෙන් පොහොත් රාජ්‍යයක් හදන්න පුළුවන්.

මේ රට අද මේ තත්ත්වයට පත්වී තිබෙන්නේ රටේ වැරැද්දක් නිසා නෙමෙයි. ජනතාවගේ වැරද්දක් නිසා නෙමෙයි. ඔක්කොම සාරවත් රටේ මෙවැනි ව්‍යසනයකට පත්කරපු හෙණේ තමයි මේ පාලකයෝ. සැප්තැම්බර් 21ක් වනදා ආණ්ඩුවක් හදමු ලංකා ඉතිහසයේ පළමුවතාවට ජනතාවගේ අරමුණයි පාලකයන්ගේ අරමුණයි එකක් බවට පත්වන ආණ්ඩුවක්.”


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *