Loading...

PSL තරඟාවලියේ ඉතිරි තරඟ ඩුබායි වෙත – IPL තරඟාවලියත් අතරමඟ නවතින ලකුණු?

පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ඉතිරි තරඟ 08 එක්සත් අරාබි එමීර් රාජ්‍ය වෙත ගෙන යාමට තීරණය කර තිබෙනවා.

පාකිස්තාන ක්‍රිකට් ආයතනය මෙම තීරණය ගෙන ඇත්තේ ඉන්දු පාකිස්තාන ගැටුම් උත්සන්න වීම සමඟයි.

ඊයේ (08) කරච්චි කින්ග්ස් සහ පේෂාවර් සල්මි කණ්ඩායම් අතර තරඟය ද කල් දැමීමට පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයට සිදු වුණා.

ඒ තරඟය පැවැත්වීමට නියමිතව තිබූ එම ක්‍රීඩාංගණය තුළට ඩ්‍රෝන යානාවක් කඩා වැටීම හේතුවෙන්.

මේ අතර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය අඛණ්ඩව පවත්වනවා ද නැද්ද යන්න පිළිබඳව අද (09) තීරණයක් ගැනීමට නියමිතව තිබෙනවා.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ උප සභාපති රජීව් ශුක්ලා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් අද (09) දිනයේ ගන්නා බවයි.

මේ අතර පංජාබ් කින්ග්ස් සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම් අතර ධර්මසාලාහි පැවැති තරඟය ද අතරමඟ නවතා දැමීමට තීරණය කළා.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පැවසුවේ හදිසි විදුලි බිඳ වැටීමක් සිදුවීම හේතුවෙන් මෙලෙස තරඟය අතරමඟ නවතා දැමු බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *