Loading...

රතුපස්වල නඩු විභාගය අවසන් – තීන්දුව ලබන මස 30 වනදා

බීමට පිරිසිදු පානීය ජලය ඉල්ලු ගම්පහ රතුපස්වල ප්‍රදේශවාසීන් යුද හමුදාව ලවා වෙඩි තැබීමේ සිදුවීමේ නඩු විභාගය ඊයේ (27) අවසන් වී තිබෙනවා.

නඩුව විභාගය කළ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල ඊයේ (27) නිවේදනය කළේ නඩුව විභාගයට ගත් මෙම නඩුවේ තීන්දුව අප්‍රේල් 30 වනදා ප්‍රකාශයට පත් කරන බවයි.

සිදුවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහත්වරුන්ගේ මෙහෙයවීම මත මෙම විමර්ශන සිදු කළා.

එම විමර්ශනවලින් අනතුරුව බ්‍රිගේඩියර්වරයෙකු ඇතුළු සිව් දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබුවා.

පසුව ඔවුන් සිව් දෙනාට එරෙහිව ගම්පහ මහාධිකරණයේ අධිචෝදනා ගොනු කිරීමෙන් පසු නීතිපතිවරයාගේ ඉල්ලීම මත අගවිනිසුරුවරයා නඩුව විභාග කිරීම සඳහා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කර තිබුණා.

2013 අගෝස්තු පළමු වනදා යුද හමුදාව කළ වෙඩි තැබීමෙන් සහ පහරදීමෙන් පාසල් සිසුන් දෙනෙක් ඇතුළු තිදෙනෙක් මරණයට පත් වූ අතර 50කට ආසන්න ගණකක් තුවාල ලැබුවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *