Loading...

ප්‍රධාන නගර කිහිපයක් ගැන ජනපති ගත් විශේෂ තීරණය

කොළඹ, ගාල්ල, මහනුවර වගේම ත්‍රිකුණාමලය යන නගර ලංකාවේ ප්‍රධාන කේන්ද්‍රස්ථාන ලෙස ගොඩනැගීමට රජය බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඔහු සඳහන් කළේ මහනුවර පුරවරය සංස්කෘතික හා කලා මධ්‍යස්ථානයක් ලෙස මෙන්ම දේශගුණික විපර්යාස පිළිබඳ විශ්වවිද්‍යාලයක් ඇති කිරීමට සැලසුම් කර ඇති බවයි.

“මම විශේෂයෙන් ජපානයෙන් ඉල්ලීමක් කරලා තියෙනවා අපේ මධ්‍යම අධිවේගී මාර්ගය ගලගෙදරින් නවත්වන්නේ නැතුව, කටුගස්තොට වෙනකල් ගෙනියන්න.

විශාල නාගරික ප්‍රදේශයක් හැටියට ඇතුළු කරන්න බලාපොරොත්තු වෙන්නේ. මහනුවර විශාල මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාකරන්න දැන් සැලසුම් හදලා තියෙන්නේ. 4ක් හදලා තියෙනවා කොළඹ, ගාල්ල, මහනුවර සහ ත්‍රිකුණාමලය. මේ හතර තමා ලංකාවේ ප්‍රධාන කේන්ද්‍රස්ථාන විදියට දියුණු කරන්න තියෙන්නේ.

මෝදි එක්ක මම සාකච්ඡා කළා. එතුමා ප්‍රකාශ කළා චෙන්නායි IIT ආයතනය මණ්ඩපයක් ලංකාවේ ආරම්භ කරන්න කියලා.

මම ඒ සඳහා මහනුවර නම් කරලා, දැන් යෝජනා කරන්නේ ගලහා ආරම්භ කරන්න. ජාත්‍යන්තර දේශගුණ පරිවර්තන විශ්වවිද්‍යාලය කොත්මලේ ඇති කරන්න, සංස්කෘතික අංශයෙන් පමණක් නෙමෙයි අධ්‍යාපන අංශයෙනුත් මහනුවර දියුණු කරන්න.

මේ සැලසුම් තියෙන්නේ ඊළඟ වසර 10 තුළ මහනුවර ලංකාවේ ප්‍රධාන නගරයක් බවට පත්කරන්න.”


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *