Loading...

පොලිස්පති ධුරය හිස්ව නොමැති බවට ජනපතිට නීති උපදෙසක් ඇවිත්

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් දැනට පොලිස්පතිවරයා ලබාදී ඇත්තේ වාරණ නියෝගයක් පමණක් වීම හේතුවෙන් පොලිස්පති ධුරය හිස් වී නොමැති බව ජනාධිපතිවරයාට නීති උපදෙස් ලැබී තිබෙනවා.

රජයේ ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය අනුව පොලිස්පති ධුරය හිස්ව නොමැති අවස්ථාවක ජනාධිපතිවරයාට වැඩ බලන පොලිස්පතිවරයෙක් පත් කිරීමට හැකියාවක් නොමැති බවයි.

මේ හේතුවෙන් අදාළ නීති ගැටළුව ලිහා ගන්නා තෙක් පොලිස්පති ධුරය එලෙසම තිබෙනු ඇති බවයි එම ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

පොලිස්පතිවරයාට රාජාකාරි කරගෙන යාමේ බාධාවක් පමණක් බව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව සිදුව ඇති බවට රජයේ මතය වී ඇති බවද වාර්තා වනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *