Loading...

පොලීසිය සම්පුර්ණයෙන්ම දේශපාලනකරණය වෙලා – නාමල් රාජපක්ෂ

ආණ්ඩුව රාජ්‍ය සේවකයින්ට එරෙහිව දැඩි මර්දනයක නිරත වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා චෝදනා කරනවා.

මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවට වැඳ පුදා ගැනීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මෙම කාල පරිච්ඡේදය අභියෝගාත්මක එකක් බවද ඔහු මෙහිදී කියා සිටියා.

ඒ මහතා කියා සිටියේ ශ්‍රී ලංකා පොලීසිය සම්පුර්ණයෙන්ම දේශපාලනකරණය වී ඇති බවත් ජාතික ආරක්ෂාව බිඳ වැටී ඇති බවත්ය.

රජය විසින් පනවා ඇති අධික බදු බර හේතුවෙන් මහජනතාව දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින බවද මන්ත්‍රීවරයා සඳහන් කළා.

ඔහු පැවසුවේ අසාධාරණයට ලක්ව ඇති බව හැඟෙන සියලු දෙනාගෙන්ම නොවැම්බර් 21 වන දින නුගේගොඩ දී පැවැත්වීමට නියමිත විපක්ෂයේ රැලියට සහභාගී වන ලෙස සිටින බවත්ය.

මෙය කවුරුවත් රජ කිරීමට කරන විරෝධතාවයක් නොව ජනතාව වෙනුවෙන් ආණ්ඩුවේ පොරොන්දු ඉටු කරවා ගන්නා විරෝධතා රැලියක් බවද නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් කියා සිටියා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *