ජනපති ධුර කාලය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අර්ථනිරූපණයක් ලබාදෙන තුරු ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ අතුරු නියෝගයක් ඉල්ලා ඉදිරිපත් කළ පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ අද (08) පෙරවරුවේ පෙත්සම සලකා බැලීමෙන් අනතුරුවයි.
මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත්තේ පෙත්සම්කරුට රුපියල් ලක්ෂයක මුදලක් නඩු ගාස්තුව ලෙස ගෙවන ලෙසයි.
ව්‍යවසායකයෙකු වන සී. ඩී. ලෙනව මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.
Leave a Reply