සමඟි ජන බලවේගයේ ප්‍රමුඛ සමඟි ජන සන්ධානය අගෝස්තු මුල් සතියේ දී එළි දැක්වීමට නියමිතව තිබෙනවා.
සමඟි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසන්නේ ජනාධිපතිවරණය මහ මැතිවරණය ඇතුළු සියලුම මැතිවරණ එම සන්ධානය යටතේ තරඟ කරන බවයි.
ඊට අමතරව නව සන්ධානය ගොඩනැගීම පිළිබඳව සෙසු පක්ෂ සමඟ අභ්‍යන්තර සාකච්ඡා අවසන් අදියරේ සිදු වෙමින් පවතින බවද ඔහු සඳහන් කරනවා.
මහලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ සමඟි ජන බලවේගය සමග එකට කටයුතු කරන පක්ෂවලට අමතරව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන තවත් මන්ත්‍රීවරු 10 කට අධික පිරිසක් මෙම නව සන්ධානය සමඟ එක්වීමට නියමිත බවයි.








Leave a Reply