Loading...

මට අනෙක් අපේක්ෂකයන් අභියෝගයක් නෙමෙයි – රනිල් වික්‍රමසිංහ

තමන් ජනාධිපතිවරණයට පැමිණෙන්නේ සටන් කිරීමට නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ අද (07) මාධ්‍ය ප්‍රධානීන් පැවැති හමුවකදීයි.

රට ඉදිරියට ගෙන යාම ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යන බවද ඔහු මෙහිදී සඳහන් කළා.

පොදුජන පෙරමුණෙන් නාමල් රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකත්වයට ඉදිරිපත් වීම ඔබට බලපාන්නේ කෙසේද යන්න මාධ්‍යවේදීන් විමසු ප්‍රශ්ණයට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ තමා ජනාධිපති ධුරය භාර ගන්නා අවස්ථාවේදී පොදුජන පෙරමුණේ සහාය ලැබුණු බවත් වසර දෙකේ දීම එම පක්ෂයේ සහාය තමාට ලැබුණු බවත් එයට ඔවුන්ට ස්තුතිය පළ කරන බවත්ය.

තවද නාමල් රාජපක්ෂහට ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට අයිතියක් ඇති බවද ඔහු මාධ්‍ය ප්‍රධානීන් හමුවේ ප්‍රකාශ කළා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා, ” මට මේ ජනපතිවරණය සටනක් නොවේ. මා එන්නේ කා එක්කවත් සටන් කරන්න නොවෙයි. මා එන්නේ මගේ ප්‍රතිපත්ති එක්ක.

ඇත්ත කියලා රට බේරගන්න ලෑස්තිද නැතිනම් බොරු කියල රට අවුල් කරන්නද කියලා අපි හිතන්න ඕනේ. කැමති නම් මට ඡන්දය දෙන්න.

මම මේක ඉදිරියට ගෙනියනවා. මම අනෙක් අය වගේ පොරොන්දු දෙන්නේ නෑ. මම කරල පෙන්නලා තියෙනවා. අනෙක් අය පොරොන්දු දෙනවා.

මට අනෙක් අපේක්ෂකයන් අභියෝගයක් නෙවෙයි. මම එන්නෙ රටේ අනාගතය වෙනුවෙන්. අනෙක් අපෙක්ෂකයන් එන්නෙ ඔවුන් ගෙ අනාගතය වෙනුවෙන්”


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *