මැති ඇමතිවරුන්ට නිකුත් කර ඇති තීරුබදු රහිත වාහන බලපත්‍රය ලබා දිය නොහැකි නම් ඊට වඩා අඩු වටිනාකමකින් යුත් වාහනයක් හෝ මිලදී ගැනීමට වාහන බලපත්‍රයක් එළඹෙන ජනාධිපතිවරණයට පෙර ලබාදෙන ලෙස ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් කථානායකවරයාගෙන් සහ රජයේ ඉහළ නිලධාරීන්ගෙන් පසුගිය දිනක නැවත වරක් ඉල්ලා ඇති බව වාර්තා වනවා.
දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ මේ අනුව නුදුරේදීම අදාළ කරුණ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවේදී අවධානය යොමු කිරීමට මන්ත්‍රීවරුන් සැලසුම් කර ඇති බවයි.
ඉදිරි මැතිවරණවලදී දේශපාලන කටයුතු කිරීමට වාහනයක් නොමැති වීම හේතුවෙන් මතුව ඇති ගැටළු පිළිබඳව දේශපාලන පක්ෂ දෙකෙහිම මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් මේ සම්බන්ධව අවධානය යොමුකර තිබෙනවා.
එහිදී ඔවුන් පෙන්වා දී ඇත්තේ දැනට එක වාහනයක් හෝ නොමැති නවක මන්ත්‍රීවරුන් ද පාර්ලිමේන්තුවේ සිටින බවයි.
පසුගිය කාලයේ සෑම මන්ත්‍රීවරයෙකුටම තීරුබදු රහිත වාහන බලපත්‍රයක් ලබාදී රුපියල් මිලියන 20කට ආසන්න වටිනාකමකින් යුත් වාහනයක් මිලදී ගැනීමට හැකි වුවත් රටේ ආර්ථික තත්ත්වය හේතුවෙන් මෙම බලපත්‍ර නිකුත් කිරීම නවතා දමනු ලැබුවා.
කෙසේ වෙතත් තීරුබදු රහිත වාහන බලපත්‍රයක් ලබාදෙන ලෙස මන්ත්‍රීවරුන් දිගින් දිගටම ඉල්ලීම් කළ නමුත් රටේ පවතින ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගනිමින් රජය මේ පිළිබඳව තීරණයක් ගැනීමෙන් වැළකී තිබෙනවා.
Leave a Reply