කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කෙරුණු විශ්වාසභංග යෝජනාව ලබන 19 වනදා පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිත බව වාර්තා වනවා.
මේ අතර කථානායකයට එරෙහිව විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කර තිබෙනවා.
ඊට අදාළ න්‍යාය පත්‍රය නිකුත් කෙරුණේ පසුගිය 07 වනදායි.
සාමාන්‍යයෙන් විෂවසභංග යෝජනාවක් න්‍යාය පුස්තකයෙන් දැනුම් දීම කර දින 05කින් පසු විවාදයට ගැනීමට හැකියාව පවතිනවා.
මේ අනුව ලබන 12 වැනිදායින් පසු යෝජනාව විවාදයට ගැනීමට අවස්ථාව පවතින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ.
කෙසේ වෙතත් පාර්ලිමේන්තුව නැවත රැස්වීමට නියමිතව ඇත්තේ ලබන 19 වැනිදායි.
Leave a Reply