රාගම ප්‍රදේශයේ වෙළෙඳසැලක් තුළ කාන්තාවකගේ හිසකෙස් කපා අඩත්තේට්ටම් සිදු කිරීමේ සිද්ධය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකාරිය ඇතුළු සැකකරුවන් 5 දෙනා ලබන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
අත්අඩංගුවට ගත් පිරිස ඊයේ (19) වැලිසර වැඩබලන මහේස්ත්‍රාත්වරිය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම නියෝගය ලබාදී ඇති බව සඳහන්.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ ප්‍රධාන සැකකාරිය වූ අවුරුදු 27ක් වූ රාගම ප්‍රදේශයේ පදිංචිකාරියක් සහ අවුරුදු 20,21,22 සහ 23 වන වයස්වල පසුවන රාජාංගනය, කඩවත, රාගම සහ ත්‍රිකුණාමලය චීන වරාය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් සිව්දෙනෙකි.
සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ වීඩියෝ දර්ශන පදනම් කරගනිමින් රාගම පොලීසිය විඳිත කාන්තාවගෙන් ප්‍රකාශ සටහන් කරගනිමින් පසුව ඇයව වෛද්‍ය පරීක්ෂණය සඳහා රාගම ශික්ෂණ රෝහල වෙත යොමු කරනු ලැබුවා.






Leave a Reply