ඉරානය විසින් ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරය පිලිබඳ සාකච්ඡා කිරීම සඳහා G7 රටවල නායකයින්ගේ විශේෂ හමුවක් සුදානම් කර තිබෙනවා.
ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ අමෙරිකානු ජනධිපති ජෝ බයිඩන් විසින් මෙම හමුව සංවිධානය කර ඇති බවයි.
මේ අතර අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු අතර දුරකථන මාර්ග ඔස්සේ පවතින ආරක්ෂක තත්ත්වය සම්බන්ධව සාකච්ඡාවක් ද සිදුකර තිබෙනවා.
ඉරානය විසින් ඊශ්‍රායලයට මේ වන විට ඩ්‍රෝන සහ මිසයිල 300කට වැඩි ප්‍රමාණයක් දියත් කළද ඉන් 99%කින් ව්‍යර්ථ කළ බව ඊශ්‍රායල හමුදාව පවසනවා.
මෙම මෙහෙයුම සඳහා බ්‍රිතාන්‍ය සහ අමෙරිකානු හමුදා නිලධාරීන් ද සහය දක්වා ඇති බවද වාර්තා වනවා.
Leave a Reply