2016 වසරේ ජනවාරි මස 1 වනදා සිට පසු රාජ්ය සේවයට බඳවා ගත් නිලධාරීන් සඳහා විශ්රාම වැටුප් හිමිකම් ලබාදීමට අදාළ පත්වීම් ලිපි සංශෝධනය කිරීමට රාජ්ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්යාංශය පියවර ගෙන තිබෙනවා.
එම අමාත්යංශ ලේකම් එස්. ආලෝක බණ්ඩාර මහතා විසින් ඊට අදාළ චක්රලේඛය සියලු අමාත්යාංශ ලේකම්වරුන් පළාත් ප්රධාන ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්රධානීන් වෙත නිකුත් කර ඇති බව සඳහන්.
මේ අනුව 2016 වසරේ ජනවාරි මස 1 වනදා දින සිට හෝ ඉන්පසු රාජ්ය සේවයට බඳවා ගන්නා ලද සියලු රාජ්ය නිලධරයන් සඳහා පත්වීම් ලිපිවල විශ්රාම වැටුප් පිළිබඳ වගන්තිය සංශෝධනය කිරීමට පියවර ගෙන තිබෙනවා.
රාජ්ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්යංශය සඳහන් කළේ අදාළ සංශෝධනයට අනුව සියලුම රාජ්ය නිලධරයන් සඳහා විශ්රාම වැටුප් හිමිකම ලැබෙන බවත් ඉදිරියේ දී රාජ්ය සේවයට බඳවා ගනු ලබන නිලධරයන්ගේ පත්වීම් ලිපිවල ද විශ්රාම වැටුප් පිළිබඳ වගන්තිය මෙලෙස සංශෝධනය කිරීම සිදුකළ බවත්ය.








Leave a Reply