හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට දැන් සනිපදැයි කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත විවෘත අධිකරණයේ දී ඔහුගේ නීතිඥවරුන්ගෙන් ප්‍රශ්ණ කර තිබෙනවා.
එම අවස්ථාවේ දී අධිකරණයේ රැස්ව සිටි සියළු දෙනා සිනා සුන බවයි සඳහන් වන්නේ.
අමාත්‍යවරයාට නිත්‍යානුකුලව හිමිව තිබූ ජංගම දුරකථන ගාස්තු සීමාව ඉක්මවමින් භාවිතා කළ දුරකථන බිල ලෙස රුපියල් 2 1/4 කට අධික මුදලක් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව මඟින් ගෙවා ගැනීමට කටයුතු කිරීම අල්ලස් පනතේ ‘දුෂණය’ වරද කළ බවට චෝදනා කරමින් මෙම නඩුව ගොනු කර තිබෙනවා.
හිටපු අමාත්‍යවරයා සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද මහතාට එරෙහිව නඩුව කැඳවූ අවස්ථාවේ දී කෙහෙළිය රඹුක්වැල්ල නමැත්තාට පාර්ලිමේන්තු යෑමට අවශ්‍ය බව කියමින් ඔහුගේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීමක් කර ඇති බව සඳහන්.
එහිදී රෝගී බව පවසමින් පසුගිය අවස්ථාවේ උසාවියට නොපැමිණි ඔහු ඒ සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාවක් මේ දක්වා අධිකරණයට ඉදිරිපත් කර නොමැති බව පෙන්වා දෙමින් විනිසුරුවරයා හිටපු ඇමතිවරයාට දැන් සනීපදැයි ප්‍රශ්න කළ බවයි වාර්තා වන්නේ.
Leave a Reply