Loading...

පොලිස්පති අර්බුදය ගැන ජනපතිගේ ස්ථාවරය දැනුම් දෙයි

එළැඹෙන ජනාධිපතිවරණ සමයේ දී සති දෙකකට වරක් වැඩබලන පොලිස්පතිවරයෙක් පත් කිරීමට සිදු වුවහොත් අදාළ කරුණ මත පදනම්ව තමාට මැතිවරණ පෙත්සම් ඉදිරිපත් විය හැකි බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නීති උපදෙස් ලැබී ඇති බව වාර්තා වනවා.

දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ අදාළ කටයුතුවලට මැදිහත්වීමෙන් වැළකී සිටින බව ජනාධිපතිවරයා විසින් මීට සුළු මොහොතකට පෙර කථානායකවරයා වෙත දැනුම් දී ඇති බවයි.

මේ අතර පොලිස්පතිවරයා පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවට අදාළව රජයේ ප්‍රතිචාරය පළ කරමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හෙට (26) උදෑසන පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව පොලිස්පතිවරයා පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවට අදාළව රජයේ ස්ථාවරය නිල වශයෙන් මෙම ප්‍රකාශය වනු ඇති.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *