Loading...

ලංකා හොස්පිටල් ගැන රජය තීරණයක් ගනී

ලංකා හොස්පිටල්ස් කොපරේෂන් PLC බහුතර කොටස් හිමිකාරීත්වය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට මුදල් අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

මේ අනුව ලංකා හොස්පිටල්ස් PLC හි ප්‍රමුඛ කොටස්කරුවා වන ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් කෝපරේෂන් Ltd විසින් සිය කොටස් හිමිකාරීත්වය මහා භාණ්ඩාගාරය වෙත පැවරීමට තීරණය කර ඇති බව සඳහන්.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ලංකා හොස්පිටල්ස් සමාගම පවසන්නේ එම තීරණය සම්බන්ධව මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය ව්‍යවසාය දෙපාර්තමේන්තුව විසින් තමන් වෙත දැනුම් දීමක් සිදුකර තිබෙන බවයි.

අදාළ කොටස් පැවරීම සම්බන්ධයෙන් අවශ්‍ය කරන පහසුකම් සැලසීම සඳහා ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ඉල්ලීමක් සිදුකර තිබෙනවා.

ලංකා හොස්පිටල්ස් සමාගමේ සමස්ත කොටස් ප්‍රාග්ධනයෙන්, කොටස් 58,781,308 ක් හෙවත් 26.27% ක් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ලිමිටඩ් හි ජීවිත රක්ෂණ අරමුදල (Life Fund) සතුවද, කොටස් 56,080,643 ක් හෙවත් 25.07% ක් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ලිමිටඩ් හි සාමාන්‍ය රක්ෂණ අරමුදල (General Fund) සතුව පවතිනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *