ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙල තමා අනුමත නොකරන බව හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේ පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව සඳහන් කළා.
එහිදී හිටපු අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ ආණ්ඩුවේ වැඩපිළිවෙළට එරෙහිව රට වෙනුවෙන් ඕනෑම තීන්දුවක් ගැනීමට පසුබට නොවන බවයි.
ආණ්ඩුව සමඟ එකට කටයුතු කළද තමන්ගේ සහ පක්ෂයේ ස්වාධීනත්වය මේ ආණ්ඩුවට පවා නොදුන් බවද ඒ මහතා මාධ්‍යවේදීන් හමුවේ සඳහන් කළා.
මැතිවරණය ඇතුළු ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් පක්ෂය තුළ ශක්තිමත් සාකච්ඡා සිදු කරමින් පවතින බවත් මහ මැතිවරණය හෝ ජනාධිපතිවරණය හෝ ඕනෑම මැතිවරණයකට පොදුජන පෙරමුණ සුදානම් බවත් හිටපු අග්‍රාමාත්‍යවරයා පැවසුවා.
ඔහු මෙහිදී කියා සිටියේ ජාතික සම්පත් විකිණීම ඇතුළු ආණ්ඩුවේ වැඩපිළිවෙල ගැන තරයේ විරෝධය පළ කරන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අති බහුතරයක් ඒ මතය තුල සිටින බවත්ය.
වත්මන් ආණ්ඩුවේ අයිතිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඇති බැවින් ඕනෑම මොහොතක ආණ්ඩුවට තම මතය ප්‍රකාශ කිරීමට සුදානම් බවද මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළා.
එහිදී මාධ්‍යවේදියෙක් ආණ්ඩුවෙන් ඉවත් වනවා දැයි හිටපු අගමැතිවරයාගෙන් විමසු අතර එහිදී ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ රට වෙනුවෙන් ඕනෑම තීන්දුවක් ගැනීමට තමන් සූදානමින් සිටින බවයි.
Leave a Reply