ප්‍රශ්ණගත ප්‍රතිදේහ එන්නත් නඩුවට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා ලබන මස 06 වනදා දක්වා යළි රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඊට අදාළ නඩුව ඊයේ (22) යළි කැඳවූ අවස්ථාවේදී මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචිනි අබේවික්‍රම මහත්මිය මෙම නියෝගය සිදුකළා.
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා කළ ඇප ඉල්ලීම මෙහිදී ප්‍රතික්ෂේප කෙරුණා.
Leave a Reply