Loading...

සමඟි ජන සන්ධානය පිහිටුවීම අද ඇරඹේ

නිදහස ජනතා සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හය දෙනෙක් සමඟි ජන බලවේගයේ ප්‍රධානත්වයෙන් ගොඩනැගෙන සමඟි ජන සන්ධානයට අද (05) එක්වීමට නියමිතව තිබෙනවා.

මෙයට අදාළ අවබෝධතා ගිවිසුමට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී අත්සන් තැබීමට නියමිත බවයි සමඟි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා කියා සිටියා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා ඊයේ (04) මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ තමා ඇතුළු නිදහස ජනතා සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 6 දෙනෙක් අද (05) සමඟි ජන සන්ධානයට එක්වන බවයි.

මේ අනුව මහාචාර්ය ජී.එල් පිරිස්, ඩිලාන් පෙරේරා, ආචාර්ය නාලක ගොඩහේවා, කේ.පී කුමාරසිරි, වෛද්‍ය උපුල් ගලප්පත්ති සහ වසන්ත යාපා බණ්ඩාර යන මන්ත්‍රීවරුන් සමගි ජන සන්ධානයට එක්වීමට නියමිතයි.

කෙසේ වෙතත් ඊයේ (04) ඩලස් අලහප්පෙරුම මහතා කියා සිටියේ තමා ඇතුළු මන්ත්‍රීවරු සිව් දෙනෙක් අද (05) දින මෙම සන්ධානයට එක් නොවන බව ඊයේ (04) මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *