Loading...

ශ්‍රීලනිප සන්ධානයේ පළමු ජන රැලිය හම්බන්තොට දී

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මුලිකත්වයෙන් පිහිටුවන ලබන නව සන්ධානයේ පළමු ජන රැලිය ලබන ජුනි මස 8 වනදා හම්බන්තොට දිස්ත්‍රික්කයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහින්ද අමරවීර මහතාගේ මෙහෙයවීමෙන් මෙම රැලිය සංවිධානය කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ පළමු ජන රැලියට විශාල ජනතාවක් සහභාගී වන බවත් ඒ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක් එම රැළියට සහභාගීවීමට දැනටමත් කැමැත්ත පළ කර ඇති බවත්ය.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *