මෙරට ප්‍රංශ තානාපතිවරයාගේ අභාවය පිළිබඳව අවසන් තීරණයක් මේ දක්වා ගෙන නොමැති බව ප්‍රංශ තානාපති කාර්යාලය පවසනවා.
තානාපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරන්නේ මේ අනුව ඔහුගේ අවසන් කටයුතු මෙරටදී සිදු කරන්නේ ද එසේ නොමැති නම් දේහය ප්‍රංශයට ගෙන යන්නේ ද යන්න පිළිබඳව අද (27) දිනයේ දී අවසන් තීරණයක් ගන්නා බවයි.
ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති Jean Francois Pactet මහතා රාජගිරියේ පිහිටි සිය නිල නිවසේ මියගොස් සිටියදී ඊයේ (26) සවස වැලිකඩ පොලීසියේ නිලධාරීන් පිරිසක් විසින් සොයාගනු ලැබුවා.
පොලීසිය කියා සිටියේ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහු මියගොස් ඇති බවයි.
මිය යනවිට ඒ මහතා 53 හැවිරිදි වියේ පසුවුණා.
Leave a Reply