Loading...

විදුලිබල මණ්ඩලය තවත් ගිවිසුමකට එළඹෙයි

හම්බන්තොට, ගොන්නොරුව සුර්ය බලශක්ති උද්‍යානයේ සංවර්ධනය කිරීමට නියමිත මෙගා වොට් 150ක ‘Ground Mount Solar’ ව්‍යාපෘතියට අදාළව විදුලිය මිලදී ගැනීමේ ගිවිසුමට ඊයේ (13) පස්වරුවේ අත්සන් තැබුණු බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

අමාත්‍යවරයා සිය X ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර තිබෙනවා.

ඒ අනුව මෙගාවොට් 10ක බලාගාර 13කින් සහ මෙගාවොට් 5ක බලාගාර 4කින් සමන්විත වන අතර එහි මුළු ධාරිතාව මෙගාවොට් 150ක් වනවා.

මෙය දේශීය සංවර්ධකයින් 17 දෙනෙකුගේ එකතුවෙන් මෙම ව්‍යාපෘතිය සිදු කරන බවයි අමාත්‍යවරයා පවසන්නේ.

මේ වසරේ මැයි මසදී මෙහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කර 2025 වසරේ මැද භාගය වන විට විදුලි පද්ධතිය සම්බන්ධ කිරීම මෙම ව්‍යාපෘතියේ මුලික අරමුණ වනවා.

අමෙරිකානු ඩොලර් මිලියන 150ක ආයෝජනයකින් යුත් මෙම ව්‍යාපෘතිය ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රමිතිගත බලශක්ති මිලදී ගැනීමේ ගිවිසුම යටතේ නව ව්‍යාපාර ආකෘතියක් යටතේ සම්ප්‍රේෂණ සහ ජාල පහසුකම් සමඟ එක්ව සංවර්ධන කරන බව අමාත්‍යවරයා සිය පණිවිඩයේ දක්වා තිබෙනවා.

මේ වසරේ මැයි මසදී මෙහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කර 2025 වසරේ මැද වන විට එය ජාතික විදුලිබල පද්ධතිය සම්බන්ධ කිරීමට අපේක්ෂා කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *