දුම්රිය එන්ජින් රියදුරන් විසින් ආරම්භ කළ වැඩවර්ජනය තෙවන දිනටත් අද (09) ක්‍රියාත්මක වන බව ලොකෝමෝටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය පවසනවා.
දෙවන පෙළ උසස් වීම් ලබාදීම ප්‍රමාද වීම, බදවා ගැනීම් ප්‍රමාද වීම ඇතුළු ගැටළු කිහිපයක් මුල් කරගනිමින් එම සංගමය වෘත්තීය ක්‍රියාමාර්ගය පසුගිය 06 වනදා මධ්‍යම රාත්‍රී 12 වනදා ආරම්භ කළා.
දුම්රිය ධාවනාගාර 5න් ධාවනාගාර දෙකක රියදුරන් පමණක් එම වර්ජනයට එක්ව සිටින අතර මේ හේතුවෙන් බලවේග කට්ටල දුම්රිය ධාවනය සිදු නොවන බවද සඳහන් වනවා.
කෙසේ නමුත් සිය ඉල්ලීම් සඳහා බලධාරීන් තවදුරටත් නිසි ප්‍රතිචාර නොදක්වන්නේ නම් සිය වෘත්තීය ක්‍රියාමාර්ගය දැඩි කිරීමට පියවර ගන්නා බවද ඔවුන් පවසනවා.
මේ අතර ලොකෝමෝටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමයේ වර්ජනය සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යාංශය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදු කිරීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.
ප්‍රවාහන අමාත්‍යාංශය ආරංචි මාර්ග පවසන්නේ වර්ජනය සඳහා එක්ව සිටින පුද්ගලයින් 21 දෙනා ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීමේ අරමුණින් සිදු කරන බවට තොරතුරු ලැබී ඇති බවත් එම තොරතුරු සැලකිල්ලට ගෙන මෙම පැමිණිල්ල සිදුකරන බවත්ය.
Leave a Reply