Loading...

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ගාස්තු ගැන ක්‍රිකට් ආයතනය ගත් තීරණය

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් වෙනුවෙන් ටෙස්ට් තරඟ සඳහා ලබා දෙන තරඟ ගාස්තු සැලකිය යුතු මට්ටමින් ඉහළ දීමමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

එම ආයතනය පෙන්වා දෙන්නේ ක්‍රීඩකයින් ටෙස්ට් තරඟ සඳහා ක්‍රීඩා කිරීම දිරි ගැන්වීමේ අරමුණින් මෙම පියවර ගත් බවයි.

මේ අනුව ටෙස්ට් තරඟ ජයග්‍රහණයක් ලබාදෙන තරඟ ගාස්තු 100%කින් ඉහළ දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබීම විශේෂත්වයක් වනවා.

ටෙස්ට් තරඟ ජයග්‍රහණය වෙනුවෙන් අමෙරිකානු ඩොලර් 7500ක (රුපියල් ලක්ෂ 22ක්) මුදලක් ක්‍රීඩකයෙකුට හිමිවන අතර එය ඩොලර් 15000ක් දක්වා (රුපියල් ලක්ෂ 44ක්) දක්වා ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.

තවද ජය පරාජයෙන් තොරව අවසන් වන තරඟය වෙනුවෙන් ලබාදෙන තරඟ ගාස්තු ද ඩොලර් 12500ක් (රුපියල් ලක්ෂ 37ක්) දක්වා ඉහළ නංවා ඇති අතර පරාජයකදී ලබාදෙන තරඟ ගාස්තු ප්‍රමාණය ඩොලර් 10000ක් (රුපියල් ලක්ෂ 29ක්) දක්වා ඉහළ නංවා ඇති බවද සඳහන්.

මේ අතර එක්දින ජාත්‍යන්තර තරඟයක් සඳහා විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟයක් සඳහා ලබා දෙන තරඟ ගාස්තු ප්‍රමාණය ද ඉහළ නැංවීමට ද ක්‍රිකට් ආයතනය තීරණය තිබෙනවා.

ඒ අනුව එක්දින තරඟයක් වෙනුවෙන් මේ වන විට ක්‍රීඩකයෙකුට හිමි වන ඩොලර් 4000ක(රුපියල් ලක්ෂ 12ක්) මුදල හා විස්සයි විස්ස තරඟයක් වෙනුවෙන් හිමිවෙන ඩොලර් 3000ක (රුපියල් ලක්ෂ 9ක්) මුදල සැලකිය යුතු අගයකින් ඉහළ දමා ඇති බවද වාර්තා වනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *