Loading...

,

රනිල්ගේ ආරාධනාව ගැන සමඟි ජන බලවේගය ගත් තීරණය

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයින් සමඟ ජනාධිපතිවරයා විසින් කැඳවූ සාකච්ඡාව සමඟි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් වැඩි පිරිසක් සහභාගී නොවීමට තීරණය කර තිබෙනවා.

එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා අද (09) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ මෙම ආරාධනාව සම්බන්ධව සමඟි ජන බලවේගයේ මතය නිල වශයෙන් හෙට (10) දැනුම් දෙනු ඇති බවයි.

පසුගිය වර ජාත්‍යන්තර අරමුදලේ නියෝජිතයින් දිවයිනට පැමිණි අවස්ථාවේදී මෙන්ම මෙවර ද ඔවුන් විපක්ෂ නායකවරයා හමුවී සාකච්ඡා කරනු ඇති බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ එසේ නොමැතිව ආණ්ඩුවේ වැඩපිළිවෙලට සහාය පළ කරමින් ඔවුන් කැඳවන සාකච්ඡාවට සහභාගී වීමේ අපේක්ෂාවක් තම පක්ෂයට නොමැති බවයි.

මේ අතර ලබන 11 වනදා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිත පිරිස සමඟ සාකච්ඡාවක් සඳහා පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයින්ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආරාධනාවක් සිදුකර තිබුණා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *